හැදින්වීම

හරිස්චන්ද්‍ර (ජැක්සන් ඇන්තනී) කුඩා කල සිටම කාත් කවුරුවත් නොමැති අනාථ දරුවෙකි. ඔහු පාසල් ගොස් ඇත්තේ 4 පන්තියට පමණි. නමුත් ඔහු දැන් ඉඩම් හිමි වෙන්දේසිකරුවෙකි. ඔහු රාණි (දිල්හානි ඒකනායක) සමඟ විවාහ වී ඇති අතර ඔවුන් හට දියණියන් දෙදෙනෙකු සිටියි. ඔවුන් අචිනි (තිසුරි යුවනිකා) සහ සචිනි (විනුම් වන්සදි) වෙයි. ඔවුන් මනුදම්පුර ගමේ වාසය කරයි.

තම පවුල හැරුනුකොට හරිස්චන්ද්‍ර චිත්‍රපටි බැලීම සඳහා දැඩි ඇල්මක්, ආශාවක් දක්වයි. විශේෂයෙන්ම ඔහුගේ කාර්යාලයේ ඇති රූපවාහිනියෙන් ඔහු නිතරම චිත්‍රපටි බලයි.

දිනක් ඔහුගේ වැඩිමහල් දියණිය සහභාගි වු අධ්‍යාපන චාරිකාවක් අතරතුරදී ෂේන් (දනුක ඩිල්ශාන්) නම් තරුණයෙකු විසින් ඇය නාන කාමරයේ සිටින ආකාරය තම දුරකථනයෙන් පටිගත කරයි. ෂේන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීීඥ විශාඛා සමරනායක (කුසුම් රේණු) සහ රජයේ උසස් නිලධාරියෙකු වන උපාලි සමරනායක (ඩග්ලස් රණසිංහ)ගේ එකම පුතායි. ෂේන් එම පටිගත කරගත් දර්ශනය අචිනිට පෙන්වා ඇයට අයුතු යෝජනාවක් කරයි. පසුව අචිනි තම මව සමඟ එක්වී එම විඩියෝ දර්ශනය මකා දැමීමට ෂේන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියද ඔහු එසේ නොකරයි.

පසුව ඇතිවන ගැටුමක් නිසා අචිනිගේ අලවංගු පහරකින් ෂේන් මරණයට පත්වේ. පසුව ඔවුන් මලසිරුර තම නිවස පිටුපස කුණු දැමීම සඳහා හෑරු විශාල වලක වලලයි. අනතුරුව මේ පිළිබඳව සියළු විස්තර හරිස්චන්ද්‍රට කියයි. ඔහු තම පවුල ආරක්ෂා කර ගැනීමට ක්‍රම උපායක් සකසයි. පසුව ඔහු ෂේන් තම නිවසට ආ මෝටර් රථය සොයා ගන්නා අතර එයට නැගීමට යාමේදි විමල් (කුමාර තිරිමාදුර) නම් මනුදම්පුර පොලීසියේ පොලිස් කොස්තාපල් වරයෙකු ඔහුව දකියි. විමල්, හරිස්චන්ද්‍ර සමඟ වෛරයෙන් සිටින අතර මේ සිදුවීම ඔහුට සැකයක් උපදවයි.

නමුත් හරිස්චන්ද්‍ර ඒ සියළු සැකයන් අභිබවා ක්‍රියාත්මක වෙයි. එහිදී ඔහු ෂේන්ගේ කාරය සඟවා පසුදින තම පවුල සමඟ විනෝද චාරිකාවක් යාමට සූදානම් කරයි. එය භාවනා වැඩසටහනක් මූලික වු හෙයින් සිදුවීම වු දිනයේ තමන් සහ පවුලේ අය නිවසේ නොසිටිය බවට ඔප්පු කිරීමට සාක‍ෂි එකතු කරයි.

මේ අතර තමන්ගේ පුතා සෙවීම ආරම්භ කරන විශාඛාල හරිස්චන්ද්‍ර මෙහි ප්‍රධාන විත්තිකරු බවට පත්කිරීමට උත්සාහ කරන්නේ මනුදම්පුර පොලීසිය සමඟ විමල්ගේ සාක්ෂිය පසුපස යාමෙනි. කෙසේ වෙතත් එම සාක‍ෂිය ඔප්පු කර ගැනීමට නොහැකිවන විශාඛා අවසානයේදී හරිස්චන්ද්‍ර පවුල පහර දීමකට ලක් කරයි. එසේ කරන්නේ විමල් නම් පොලිස් කොස්තාපල්වරයා උපයෝගි කරගනිමිනි. එතැනදීද කිසිම සාක‍ෂියක් සොයා ගැනීමට නොහැකිවන නමුත් හරිස්චන්ද්‍රගේ පොඩි දුව සචිනිගෙන් තම පුතාට කුමක් වුයේද යන්න හෙලි වෙයි. නමුත් විශාඛා සහ මනුදම්පුර පොලීසිය එක්ව තම පුතා සෙවීම සඳහා හරිස්චන්ද්‍රගේ නිවස පිටුපස විශාල කුණු වල හෑරුවද එහි බල්ලකුගේ මලසිරුරක් ඇති බව දැක විශ්මයට පත්වෙයි. පසුව නීතියට පටහැනි ලෙස ක්‍රියා කල විශාඛා හට තම පක්ෂ ලේඛම් ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වන අතර විමල් වැඩතහනමකට ලක්වෙයි.

අවසානයේ විශාඛා සහ උපාලි, හරිස්චන්ද්‍ර හමුවීමට පැමිණ සමාව ඉල්ලා සිටින අතර තම පුතා පිළිබඳව මොන යම් හෝ තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා බැගෑපත් වෙයි. එතැනදී හරිස්චන්ද්‍ර පුතාට සිදු වූ දේ කුමක්දැයි කෙලින්ම නොකියයි. පසුව විශාඛා සහ උපාලි එතැනින් නික්ම යයි.

හරිස්චන්ද්‍ර මනුදම්පුර නව පොලිස් ස්ථානාධිපති හමුවට පැමිණේ. නැවත පිටතට පැමිණෙන විට ඔහු ෂේන්ගේ මලසිරුර වලලා ඇත්තේ කුමන ස්ථානයකදැයි අනාවරණය වෙයි.

Dharmayuddhaya Movie Official Trailer MEntertainments

Dharmayuddhaya Movie | Official Music Video | MEntertainments


Neela Akase

Lyrics : Sunil Ariyaratne Singer(s), : Meena Prasadini, Rooney

Dharmayuddhaya Movie Best Moment

Dharmayuddhaya Cast

හරිස්චන්ද්‍ර

හරිස්චන්ද්‍ර (ජැක්සන් ඇන්තනී) හරිස්චන්ද්‍ර කුඩා කල සිටම නොයෙකුත් දුක් කම්කටොලු පීඩා මැද ජීවිතය ජයගත් ආදරණීය පියෙකි, මොහු තම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නොමැත දක්ෂ ව්‍යාපරිකයෙක් වන මොහු ගමේ කා අතරත් ආදරයට පත් මිනිසෙකි.

රාණි

රාණි (දිල්හානි ඒකනායක) කුඩා කල සිටම මනුදම්පුර ගමේ වාසය කරන ඇය, ගමේ ගෞරවයට පාත්‍ර වු පවුලක ප්‍රථමයාය, හරිස්චන්ද්‍රගේ ආදරණීය බිරිඳ වන මැය දරුවන් දෙදෙනෙකුගේ මවය. ධෛර්යවන්ත සිතක් ඇති ඇය තම පවුලට පණටත් වඩා ආදරය කරයි.

අචිනි

අචිනි හරිස්චන්ද්‍ර හා රාණිගේ වැඩිමහල් දියණිය වන ඇය තවමත් හිරිමල් යෞවනයේ පසුවන යුවතියකි, පාසල් කටයුතු මෙන්ම විශ්‍ය බාහිර ක්‍රියාකාරකම් සඳහා විශාල ඇල්මක් දක්වයි.

සචිනි

සචිනි හරිස්චන්ද්‍ර හා රණිගේ පුංචි දියණියයි, හරිම සුරතල් හරිම සුන්දර දියණියක් වන ඇය පියාට දැඩි ලෙස ආදරය දක්වයි.

විමල්

මනුදම්පුර පොලීසියෙ කොස්තාපල් වරයෙකි, නමුත් දිර්ග කාලයක් පොලිස් සේවයේ නියුතු උසස්වීම් ලබානොමැත. මොහු ඉතා කපටි, මුදල් සඳහා කෑදර ගතිපැවතුම් ඇති, සැරපරුෂ අයෙකි. නීතිය හොඳින් හඳුනන මොහු එම නිසාම නිතිය අවනීතිය කරයි.

විශාකා

නීතීඥවරියක් වන ඇය. උත්තරීතර පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරිවකි, කපටි දේශපාලක්ඥවරියක ලෙසින් කටයුතු කරන ඇය, හැමදෙනාගේම සිත් දිනාගනිමින් කටයුතු කරන තැනත්තියකි. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක් නිසා, නිසි තැන නිසි තීරණ ගැනීමට ඇය නොපැකිලෙයි. ආදරණීය මවක වන ඇය. තම එකම පුතා ශේන් හට ඉතාමත් ආදරය කරයි. ඇයගේ සැමියා උපාලිය

රවී

මධයස්ථ පොලිස් නිලධරියකු වන ඔහු මනුදම්පුර පොලිස් ස්ථානාධිපතිවරයායි. සෑම දෙයක් දෙසම විමසිල්ලෙන් බලන ඔහු කිසිම විටක කලබල නොවෙයි. තම රාජකාරිය අකුරට ඉටුකිරීමට උත්සහ දරන ඔහු ඉහල නිලධාරීන්ට ගරුබුහුමන් කරයි.

ජිනදාස

මනුදම්පුර ගමේ වාසය කරන මොහු, එම ගමේ පොලිසියේ සාජන්වරයායි. මොහු මිනිසුන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර ගමේ සැවොම මොහුව ඉතා හොඳින් හඳුනයි.

මුදලාලි

මනුදම්පුර ගමේ තේ කඩය කරන මොහු ගමේ කා අතරත් ප්‍රසිද්ධය. ගමේ හැමෝම මුදලාලිගේ මිතුරන්ය. ඕනැම ප්‍රශ්නක් මුදලාලි සමඟ කතා කිරීමට ගමේ කිසිම කෙනෙකු පැකිලෙන්නේ නැත. හරිස්චන්ද්‍රගේ හොඳම මිතුරෙකු වන මුදලාලි, ගමේ පැරණි ගම්වාසියෙකි.

උපාලි

ආණ්ඩුවේ ඉහල පෙලේ රැකියාවක නියුතු මොහු විශාකා මන්ත්‍රිතුමියගේ සැමියායි.යථාර්ථය දකින ඔහු හැම විටම සාධාරණය වෙනුවෙන් කතා කරයි.

රාණිගේ පියා

රාණි සහ සමීර මොහුගේ දුව සහ පුතායි. පියෙකුගේ වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති ඔහු ගමේ ප්‍රභුපෙලේ සාමාජිකයෙකි.

රාණිගේ මව

සුහදශීලී ගති පැවතුම් ඇති ඇය තම දරුවන් වන රාණි සහ සමීරට මෙන්ම තම දුවගේ ළමුන් හට ඉතා ආදරය කරන අතර, සචිනි හට දැඩි සෙනෙහසක් දක්වයි.

ශේන්

උපාලි සහ විශාකාගේ එකම පුතා වන මොහු, කඩවසම් පෙනුමැති තරුණයෙකි. තම මවගේ සහ පියාගේ බලය සහ මුදල් අයුතු ලෙස පරිහරණය කරන මොහුට සල්ලාල ගතිපැවතුම් ඇත. මිතුරන් සමඟ විනෝදයෙන් සිටීමට කැමති අයෙකි.

රාණිගේ සහෝදරයා

රැඩිකල් ගති පැවතුම් ඇති මොහු, දේශපාලනය කරන්නෙකි. තම පවුලට ආදරය කරන තරුණයෙකි, තවද තම සහෝදරියගේ පවුල සමඟ හොඳ බැදීමක් මෙන්ම එහි සාමජකයින් පිළිබඳ මනා අවබොදයකින් යුක්තය.

Dharmayuddhaya Team

K S Chammanthraj

Creative Executive Producer

Cheyyar Ravi

Director

Shanmugam Saravanan

Director of Protography

Jeethu Joseph

Story

Gihan Ranga Bandara

Associate Director

Prageeth S Rathnayake

Dialogue Writer

S P R Raja Sethupathi

Editor

Sisil Ratnayake

Graphics

Prism & Pixel

Colour Grading

Gibran

Background Score

Lakshmi Narayanan

Final Mix

Priyantha Kaluarachchi

Dubbing Engineer

Sachith Peiris

Song Music Director

Prof. Sunil Ariyaratne

Lyrics Writer

Manjula Ayagama

Art Director

Priyantha S Wanninayake

Make-up Artist

Shyamila Fonseka

Costumes Designer

Thushara Vidanagamage

Hair Dresser

Dammika Pathirathne

Still Photographer

Suren Chandran

Production Manager
Production Manager

Reception


Box Office

The film earned 535 Lakhs of Sri Lankan rupees from 31 days of screening. The CEL theater corporation revealed that the film has been watched by more than 235,000 viewers, by the end of first month. The film earned 955 SLR Lakhs from 45 days, a record box office in Sri Lankan cinema.After 65 days of screening, the film had been watched by over 700,000 viewers, according to CEL theaters.After 100 days of screening,the film earned 22.4 SL Crores.Dharmayuddhaya is the second highest grossing film in sri lanka.

Awards & Info

Blockbuster Movie of the Year 2017

Recipient(s) : Dharmayuddhaya
Won

Best Actress 2017

Recipient(s) : Dilhani Ekanayake
Nominated

Best Actor 2017

Recipient(s) : Jackson Anthony
Nominated

Best Emerging Actress 2017

Recipient(s) : Thisuri Yuwanika
Won

People's Choice Film Of The Year

Recipient(s) :Dharmayuddhaya
Won

Blockbuster Movie of the Year

Recipient(s) :Dharmayuddhaya
Won

Best Actor

Recipient(s) : Jackson Anthony
Won

Best Actress

Recipient(s) : Dilhani Ekanayake
Won

Best Actor In a Supporting Role

Recipient(s) : Kumara Thirimadura
Won

Best Actor in a Supporting Role

Recipient(s) : Kumara Thirimadura
Won

Most Popular Child Actor

Recipient(s) : Vinumi Wasandi
Won

Special Recognition Certificate

Recipient(s) : Kusum Renu
Won

Best Actor

Recipient(s) : Jackson Anthony
Won

Best Actor In a Supporting Role

Recipient(s) : Kumara Thirimadura
Won

Special Jury Award

Recipient(s) : Vinumi Vansadi
Won

Film with Highest Patron Response

Recipient(s) : Dharmayuddhaya
Won

Best Actress in a Supporting Role

Recipient(s) : Thisuri Yuwanika, Kusum Renu
Nominated

Best Actor in a Supporting Role

Recipient(s) : Kumara Thirimadura
Nominated

Best Actress in a Leading Role

Recipient(s) : Dilhani Ekanayake
Nominated

Best Actor in a Leading Role

Recipient(s) : Jackson Anthony
Nominated

PAPER ARTICLES



+