STORY

ස්වොත්සහයෙන් දියුණු වු ව්‍යාපාරිකයෙකු වන  හරිස්චන්ද්‍ර,ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් අයෙකි, සිය තරුණ බිරිඳත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැයකරයි

හරිස්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුලු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගෙත් බිරිඳගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.

දේශපාලන බලපුළුවන්කාරණියක වන විශාකා, සිය අතුරුදහන් වු දරුවා සොයා, බලයත් නීතියත් සියතට ගන්නේ තම දේශපාලන බලය උපරිමයෙන් භාවිතා කරමිනි. සටකපට පොලිස් නිලධාරියෙකු ඇය වෙනුවෙන් පෙනී සිටී.

පිය සෙනෙහසට කොතරම් දුර යා හැකිද ? මව් සෙනෙහසට මොනතරම් දේ කළ හැකිද ? එහි හරි වැරැද්ද තීරණය කරන්නේ කවුද ? යහපත අයහපත අතර යුධ වදින මාපිය සෙනෙහස නීතිය ඉදිරියේ ජය ගනීද ? ඔබගේ විනිශ්චයට පෙර ඒ අත්දැකීමට මුහුණ දෙන්න, ධර්මයුද්ධය ජුලි 14 වන දා සිට රීගල්, මැජෙස්ටික්, ලිඩෝ ඇතුලු දිවයින පුරා සිනමාශාලා වලදී.

මංගල දර්ශනය ජුලි 13 වන දින රීගල් සිනමාශාලා වේදී.

CAST
 

කුඩා කල සිටම නොයෙකුත් දුක් කම්කටොලු පීඩා මැද ජීවිතය ජයගත් ආදරණීය පියෙකි, මොහු තම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නොමැත දක්ෂ ව්‍යාපරිකයෙක් වන මොහු ගමේ කා අතරත් ආදරයට පත් මිනිසෙකි.

හරිස්චන්ද්‍ර

කුඩා කල සිටම මනුදම්පුර ගමේ වාසය කරන ඇය, ගමේ ගෞරවයට පාත්‍ර වු පවුලක ප්‍රථමයාය, හරිස්චන්ද්‍රගේ ආදරණීය බිරිඳ වන මැය දරුවන් දෙදෙනෙකුගේ මවය. ධෛර්යවන්ත සිතක් ඇති ඇය තම පවුලට පණටත් වඩා ආදරය කරයි.

රාණි

හරිස්චන්ද්‍ර හා රාණිගේ වැඩිමහල් දියණිය වන ඇය තවමත් හිරිමල් යෞවනයේ පසුවන යුවතියකි, පාසල් කටයුතු මෙන්ම විශ්‍ය බාහිර ක්‍රියාකාරකම් සඳහා විශාල ඇල්මක් දක්වයි.

අචිනි

හරිස්චන්ද්‍ර හා රණිගේ පුංචි දියණියයි, හරිම සුරතල් හරිම සුන්දර දියණියක් වන ඇය පියාට දැඩි ලෙස ආදරය දක්වයි.

සචිනි

මනුදම්පුර පොලීසියෙ කොස්තාපල් වරයෙකි, නමුත් දිර්ග කාලයක් පොලිස් සේවයේ නියුතු වුවද උසස්වීම් ලබානොමැත. මොහු ඉතා කපටි, මුදල් සඳහා කෑදර ගතිපැවතුම් ඇති, සැරපරුෂ අයෙකි. නීතිය හොඳින් හඳුනන මොහු එම නිසාම නිතිය අවනීතිය කරයි.

විමල්

නීතීඥවරියක් වන ඇය. උත්තරීතර පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරිවකි, කපටි දේශපාලක්ඥවරියක ලෙසින් කටයුතු කරන ඇය, හැමදෙනාගේම සිත් දිනාගනිමින් කටයුතු කරන තැනත්තියකි. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක් නිසා, නිසි තැන නිසි තීරණ ගැනීමට ඇය නොපැකිලෙයි. ආදරණීය මවක වන ඇය. තම එකම පුතා ශේන් හට ඉතාමත් ආදරය කරයි. ඇයගේ සැමියා උපාලිය

විශාකා

මධයස්ථ පොලිස් නිලධරියකු වන ඔහු මනුදම්පුර පොලිස් ස්ථානාධිපතිවරයායි. සෑම දෙයක් දෙසම විමසිල්ලෙන් බලන ඔහු කිසිම විටක කලබල නොවෙයි. තම රාජකාරිය අකුරට ඉටුකිරීමට උත්සහ දරන ඔහු ඉහල නිලධාරීන්ට ගරුබුහුමන් කරයි.

රවී

මනුදම්පුර ගමේ වාසය කරන මොහු, එම ගමේ පොලිසියේ සාජන්වරයායි. මොහු මිනිසුන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර ගමේ සැවොම මොහුව ඉතා හොඳින් හඳුනයි.

ජිනදාස

මනුදම්පුර ගමේ තේ කඩය කරන මොහු ගමේ කා අතරත් ප්‍රසිද්ධය. ගමේ හැමෝම මුදලාලිගේ මිතුරන්ය. ඕනැම ප්‍රශ්නක් මුදලාලි සමඟ කතා කිරීමට ගමේ කිසිම කෙනෙකු පැකිලෙන්නේ නැත. හරිස්චන්ද්‍රගේ හොඳම මිතුරෙකු වන මුදලාලි, ගමේ පැරණි ගම්වාසියෙකි.

මුදලාලි

ආණ්ඩුවේ ඉහල පෙලේ රැකියාවක නියුතු මොහු විශාකා මන්ත්‍රිතුමියගේ සැමියායි.යථාර්ථය දකින ඔහු හැම විටම සාධාරණය වෙනුවෙන් කතා කරයි.

උපාලි

රාණි සහ සමීර මොහුගේ දුව සහ පුතායි. පියෙකුගේ වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති ඔහු ගමේ ප්‍රභුපෙලේ සාමාජිකයෙකි.

රාණිගේ පියා

සුහදශීලී ගති පැවතුම් ඇති ඇය තම දරුවන් වන රාණි සහ සමීරට මෙන්ම තම දුවගේ ළමුන් හට ඉතා ආදරය කරන අතර, සචිනි හට දැඩි සෙනෙහසක් දක්වයි.

රාණිගේ මව

උපාලි සහ විශාකාගේ එකම පුතා වන මොහු, කඩවසම් පෙනුමැති තරුණයෙකි. තම මවගේ සහ පියාගේ බලය සහ මුදල් අයුතු ලෙස පරිහරණය කරන මොහුට සල්ලාල ගතිපැවතුම් ඇත. මිතුරන් සමඟ විනෝදයෙන් සිටීමට කැමති අයෙකි.

ශේන්

රැඩිකල් ගති පැවතුම් ඇති මොහු, දේශපාලනය කරන්නෙකි. තම පවුලට ආදරය කරන තරුණයෙකි, තවද තම සහෝදරියගේ පවුල සමඟ හොඳ බැදීමක් මෙන්ම එහි සාමජකයින් පිළිබඳ මනා අවබොදයකින් යුක්තය.

රාණිගේ සහෝදරයා

CREDITS
K S Chammanthraj
Creative Executive Producer
Cheyyar Ravi
Director
Shanmugam Saravanan
Director of Protography
Jeethu Joseph
Story
Gihan Ranga Bandara
Associate Director
Prageeth S Rathnayake
Dialogue Writer
S P R Raja Sethupathi
Editor
Sisil Ratnayake
Graphics
Prism & Pixel
Colour Grading
Gibran
Background Score
Lakshmi Narayanan
Final Mix
Priyantha Kaluarachchi
Dubbing Engineer
Sachith Peiris
Song Music Director
Prof. Sunil Ariyaratne
Lyrics Writer
Manjula Ayagama
Art Director
Priyantha S Wanninayake
Make-up Artist
Shyamila Fonseka
Costumes Designer
Thushara Vidanagamage
Hair Dresser
Dammika Pathirathne
Still Photographer
Suren Chandran
Production Manager
PAPER ARTICLES

GALLERY